උදව් කරන්න

අවට සිටින්නන්ගේ මැදිහත් විය හැක්කේ? කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේදී ඔබගේ භුමිකාව


සාමාන්‍යෙන් අප යම් ක්‍රියාවක් ප්‍රචණ්ඩකාරි ‍ලෙස සලකන්නේ එයින් යම් පුද්ගලයකුට ශාරීරික වශයෙන් හානියක් සිදුවන්නේ නම් පමණකි. නමුත් එය එසේ නො‍වේ. මානසික සහ වාචික හිංසනය, ආර්ථික අපයෝජනය, සහ නවීන/නූතන සංනිවේදන මාධ්‍ය හරහා සිදුකෙරෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ශ්‍රී ලංකාව තුළ සුලභ වන අතර එවැනි දේ වැළැක්වීමට කටයුතු කල යුතුය. ඔබ යම්කිසි අවස්ථාවක සේවා ස්ථානයේදී හෝ පොදු ප්‍රවාහන සේවාවක් තුළදී කාන්තාවක හිරිහැරයට ලක්වනු දැක ති‍‍බේද? ලිංගික හිංසනය හෝ දූෂණය වැනි කාන්තාවකට එරෙහි අපරාධයක් හෝ අපරාධයකට තැත් කිරීමක් ඔබ දැක ති‍‍බේද?

කාන්තාවන් දිනපතා ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන අතර එම ක්‍රියාවට බාධා කිරීම තුළින්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම තුළින්, එම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවට හෝ යුවතියට ආධාර කිරීම මඟින් ඔවුන්ගේ උපකාරයට පැමිණිය හැකි අයකු බොහෝ විට ඒ අවට සිටී. පුද්ගලික හෝ පොදු ජීවිතයේදී හිංසනයට ලක්වන පුද්ගලයකුට උපකාර කළ හැකි ආකාරයන් පිළිබඳ තොරතුරු අවට සිටින්නන්ගේ මැදිහත්කරණය තුළින් ලබා දෙයි.

 

 

අවට සිටින්නන්ගේ මැදිහත් වීම වලක්වන කරුණු මොනවාද?

 

වෙන කිසිවකු ක්‍රියාත්මක නොවන්නේ නම්, පිරිසකට/සෙනඟට එරෙහිව යාම අපහසුය.
තමන් ලැජ්ජාවට/ අපහසුතාවයට පත්විය හැකි යයි ඇති සැකය. මා එම අවස්ථාව වැරදියට වටහාගෙන ඇත්නම් සහ ඔවුන්ට උපකාර අවශ්‍ය නැත්නම් කුමක් සිදු වෙයි ද?
උපකාර කිරීමට වඩාත් සුදුසුකම් ඇති වෙනත් අයෙක් එම පිරිස අතර සිටිය හැකි බව සිතීම.
වෙනත් අය කිසිවක් නොකරන නිසා එම අවස්ථාවට උපකාර අවශ්‍ය නැති බව ඔවුන් සිතිය හැක.
මෙසේ සෑම පුද්ගලයාම අවට සිටින අනෙක් පිරිසගෙන් ඉඟි ලබා ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.

 

මට කළ හැක්කේ කුමක් ද?

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතිවිය හැකි අවස්ථා පිළිබඳව සෑම විටම සැළකිලිමත් වන්න. ඔබ හොඳින් අවධානය යොමු කරන්නේ නම් සෑම විටම අනතුරු හැඟවීමේ සංඥා දැකිය හැක.උදාහරණ කිහිපයක් මෙන්න:

අනතුරු හැඟවීමේ සංඥා

අනවශ‍්‍යය ස්පර්ශ කිරිම්
අශ්ලීල ප්‍රකාශන
තම ආරක්ෂාව පිණිස යොදාගෙන ඇති පුද්ගලික සීමාවන් නොසලකා හැරීම හෝ ඉක්මවා යෑම.
හුදෙකලා කිරිමට තැත් කිරීම
මද්‍යසාර / මත් ද්‍රව්‍ය භාවිතයට බලෙන් යොමු කිරිම.
කෑ ගැසිම, තල්ලු කිරිම, හිරිහැර කිරිම වැනි පීඩාකාරි හැසිරීම්.

හිංසනයට ලක්වන කාන්තාවක් හෝ යුවතියක්:

මනෝ භාවයේ හදිසි වෙනස්වීම්, සහ අසාමාන්‍ය හැසිරීම් පෙන්වයි.
බියගුලු වේ.
පොදු කටයුතු, යහළුවන් සමඟ ගමන් යෑම ආදියෙන් ඈත් වේ.
විෂාදයෙන් පෙලේ.
හේතු දැක්විය නොහැකි තැළුම් සහ තුවාල සහිත වේ.


අහිතකර සහ හිංසාකාරි සම්බන්ධතාවක ලක්ෂණ

 

යම් පුද්ගලයකු තම සහකරුවා/සහකාරිය පිළිබඳව අසීමිත ඊර්ෂයාවක් සහ බැඳිමක් පෙන්නුම් කරයි ද?
ඔහු/ඇය සමඟ එකඟ නොවීමට කැමැත්තක් නොදක්වන තරමට තම සහකරු බියගන්වයි ද?
යම් යම් දේ වෙත ඔහුගේ/ඇයගේ ප්‍රතිචාරය පිළිබඳව සහකරු නිතර කණස්සල්ලෙන් පසුවෙයි ද?
ඔහු/ඇය සහකරුවාට තර්ජනය කරයි ද?
ඔහු/ඇය සහකරුවා බලහත්කාරයෙන් ඇල්ලීම, තල්ලු කිරීම, පහර දීම වැනි දේ කරයි ද?
ඔහු/ඇය අනෙක් පුද්ගලයාට ලිංගිකව එක්වීමට බල කිරීම හෝ "ඔයා මට ආදරෙයි නම්.." වැනි දේ පවසමින් ලිංගික කාර්යයන්ට බල කිරිම හෝ බිය වැද්දීම සිදු කරයි ද?
ඔහු/ඇය තම සහකරුට නරක ආකාරයට සළකන විට එම හිංසාකාරි සහකරුගේ හැසිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටීමට අවශ්‍ය බව අනෙක් සහකරුට දැනෙයි ද?

 

මෙවැනි සම්බන්ධතාවයක සිටින මිතුරෙකු, කාර්‍යාල සඟයකු හෝ පවුලේ සාමාජිකයකු ඔබ දනී නම් එවැනි සම්බන්ධතාවයක් නොනවත්වා පවත්වාගෙන යාමේ හානිකර බව ඔවුන්ට පහදා දෙන්න. අපට අයත් නැති මාතෘකාවක් ගැන අනවසරයෙන් කතා කිරීමට ඇති බිය නිසා හෝ එවැනි මාතෘකාවක් කතා කිරීමට යාමෙන් මිතුරා අපහසුතාවයට පත් වී මිතුරුකම පළුදු වේ යයි යන බියෙන් අප බොහෝ විට මෙවැනි අවස්ථාවන්ට මැදිහත් වීමෙන් වැළකී සිටී.
නමුත් බොහෝ අය මෙවැනි සම්බන්ධතා තුළ තව දුරටත් රැඳී සිටින්නේ එය සාමාන්‍ය සහ පිළිගත හැකි තත්ත්වයක් බව විශ්වාස කරන නිසා හෝ කාලයත් සමඟ එම තත්ත්වය යහපත් අතට හැරේ යැයි විශ්වාස කරන නිසා, හෝ එවැනි හැසිරීම් තමන්ට උරුම බව විශ්වාස කරන නිසාවෙනි. ඇතැම් අවස්ථා වලදී පිටතින් උපකාර ලබා ගැනීම වැලැක්වීමට ඔහු/ඇය මිතුරන් සමඟ අමනාප කරවීම වැනි දේ තුළින් හිංසාකාරී සහකරු අනෙක් සහකරුව හුදෙකලා කළ හැකිය.
සම්බන්ධතාවයක් නැවැත්වීමට අපට කිසිවෙකුට බල කළ නොහැක. නමුත් ගරුත්වයකින් යුතුව ජීවත් වීමට අවශ්‍ය තොරතුරු ඔවුනට ලබා දීම අපගේ යුතුකමයි.
යම් අවස්ථාවක් අපව අපහසුතාවයට පත් කරන්නේ නම් අප එය ගැටළුවක් නොවේ යැයි නිෂ්ප්‍රභා කිරීමට උත්සාහ දරයි. අනෙක් පුද්ගලයා හොඳින් සිටිනවා, ඔහු/ඇය ඔබ සිතන තරම් මත් වී නැත, හෝ ඔහුට/ඇයට තමාගේ ආරක්ෂාව සළසා ගත හැක යනුවෙන් ඔබ ඔබටම පවසා ගත හැකිය. මෙය විසඳුම නොවේ! ඔබ සිතනවාට වඩා එම තැනැත්තාට ඔබගේ උපකාර අවශ්‍ය විය හැක!
යම් චකිතයක් ඇති විට ඔබගේ සහජ බුද්ධිය විශ්වාස කරන්න! යම් අවස්ථාවක් අපව අපහසුතාවයට පත් කරන්නේ නම් යම් වැරැද්දක් ඇති බවට එය හොඳ දර්ශකයකි.
කිසිවක් නොකර සිටිනවාට වඩා යම් අවස්ථාවක් ගැන වැරදි නිගමනයකට ඒම වටී.
කෙසේ වුවත්, එම ක්‍රියාව තුළින් මැදිහත්වන පුද්ගලයා අනතුරකට පත්විය හැකි අවස්ථාවක මැදිහත් වීම සිදු නොකළ යුතුය.
මැදිහත්වීම කළ හැකි ආකාර පිළිබඳව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන සමඟ සාකච්ඡා කරන්න.
උපදෙස් සඳහා ඔබට ආගමික සහ ප්‍රජා නායකයින් සමඟ ද සාකච්ඡා කළ හැක.

 

මැදිහත්විය හැක්කේ කෙසේද?

මැදිහත්වීමට විවිධ ක්‍රම තිබේ. ඒවායින් සමහරක් සෘජු වන අතර තවත් සමහරක් අපරාධකරුට එතරම් පැහැදිලි නොවේ:
සිදුවිය හැකි අනතුරුදායක අවස්ථාවකින් ඔහු/ඇය මුදවා ගැනිම සදහා යම් අවසරයක්/ නිදහසට කරුණක් යොදා ගැනිම, උදා: සීනුව නාද කරන්න: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නවත්වන්න (http://bellbajao.org/)
ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවන් තුළින් බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව මිතුරාට හෝ කාර්‍යාල සඟයාට දැන්වීම.
ඔහු/ඇය හුදෙකලා කිරීමට හෝ ඔබගෙන් ඈත් කිරීමට යමකු දරණ ප්‍රයත්න නොතකා ඔහුගේ/ඇයගේ ළගින් ඉවත් නොවී සිටීම.
නුසුදුසු ආකාරයට හැසිරෙන අයෙකුට ඔහුගේ හෝ ඇයගේ හැසිරීම විනීත විය යුතු බව මතක්කර දීමට මිතුරන් කණ්ඩායමක් යොදා ගැනීම.
අවශ්‍ය වන්නේ නම් පොලිසියට හෝ අදාල බලධාරීන්ට දැන්වීම.

 

තොරතුරු ලබාගන්නා නිළධාරියාගේ කාර්යභාරය

තොරතුරු දැනුම් දෙන්නාගේ භාෂාවෙන් එම තොරතුරු සටහන් කරගැනීම, තොරතුරු දැනුම් දෙන්නා එම සටහන කියවා තේරුම් ගෙන එය අත්සන් කරන බවට වගබලා ගැනීම/සහතික කිරීම.
තොරතුරු දැනුම් දෙන්නාගේ භාෂාවෙන් එම තොරතුරු සටහන් කර ගැනිමට එම නිළධාරියා අපොහොසත් නම්, තොරතුරු ලබා දෙන්නාට එම තොරතුරු ලිඛිතව නිළධාරියාට ලබා දී එය අත්සන් කළ හැක.
එම තොරතුරු ලිඛිතව ලබාදීමට තොරතුරු දැනුම් දෙන්නා අපොහොසත් නම්, නිළධාරියා විසින් එම තොරතුරු සිංහලෙන් හෝ දෙමළෙන් සටහන් කර තොරතුරු දැනුම් දෙන්නා එය අත්සන් කිරීමට පෙර ඔහුට/ඇයට තේරෙන භාෂාවකින් කියවීම හෝ අර්ථය පහදා දීම කළ හැක.
සටහන් කර ගන්නා සියළුම තොරතුරු එම තොරතුරු ලබාදෙන පුද්ගලයාට කියවිය යුතුය.
මෙම තොරතුරු අනවශ්‍ය ප්‍රමාද වලින් තොරව තොරතුරු ලේඛනයේ සටහන් කළ යුතුය.
තොරතුරු ලබාගන්නා පොලිස් නිළධාරියා එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නොවන්නේ නම් ඔහු/ඇය ස්ථානාධිපතිට එය වාර්ථා කළ යුතුය.

 

 

ඵලදායී මැදිහත්කරණ ශිල්ප ක්‍රම/ක්‍රමෝපායයන් හදාරන්න!
කල්තබා සැලැස්මක් සාදා ගන්න!
ඔවුන් අපහසු අවස්ථාවකට පත් වුවහොත් ඔබ කෙසේ මැදිහත් විය යුතුදැයි ඔබගේ මිතුරන් සමඟ සාකච්ඡා කරන්න.
එම අවස්ථාවට වඩාත් ගැලපෙන මැදිහත්කරණ උපාය මාර්ගය තෝරාගන්න.
හොඳින් හුස්මක් ගෙන ක්‍රියාත්මක වන්න!
සාමානයයෙන් තනිව මැදිහත් වීමට වඩා කණ්ඩායමක් වශයෙන් මැදිහත්වීම වඩාත් ආරක්ෂා සහිතය.


මැදිහත්වීම පිළිබඳ උපදෙස් ලබා දෙන වෙබ් අඩවි බොහොමයක් ඇත. මුලාශ්‍රය: http://web.wm.edu/sexualassault/geteducated_community_intervention.php, මුලාශ්‍රය: http://www.wcsap.org/bystander-intervention


පුරුෂභාවය නැවත අර්ථ දැක්වීම


පිරිමිකම පිළිබඳ "එපා යන්න පිළිතුරක් ලෙස භාර නොගන්න" වැනි පණිවුඩ අහිතකර සහ අනාරක්ෂිත සම්බන්ධතාවලට හේතු වන්නේ දැයි සිතා බලන්න. ඔබ කුමන ආකාරයේ පුරුෂයකු විය යුතු දැයි තෝරා ගන්න. ධනාත්මක ආදර්ශයක් වන්න

හොඳ සංනිවේදකයෙක් වන්න


ලිංගික අවස්ථාවන්හීදී වඩාත් හොඳ සන්නිවේදනය - අනෙක් තැනැත්තාට සවන් දීම, තම ආශාවන් පැහැදිලිව ප්‍රකාශ කිරීම, යම් අවස්ථාවක් අපැහැදිලි විට ප්‍රශ්න කිරීම - සම්බන්ධතා වඩාත් ආරක්ෂිත සහ වඩාත් හිතකර බවට පත් කරයි. උද්යෝගීමත්ව 'ඔව්' යැයි පැවසීමට අවකාශයක් නිර්මාණය කරන්න.

එකඟ වීමට ඇති හැකියාව හඳුනා ගන්න

 

තමන්ට කිසිවකු සම්ඟ ලිංගිකව හැසිරීමට අවශ්‍යද යන්න තීරණය කිරීමට පුද්ගලයකු සතු හැකියාවට මද්‍යසාරය සහ මත්ද්‍රව්‍ය මගින් බලපෑම් ඇති කළ හැක. යමෙක් "සම්පූර්න අසිහියෙන් සිටීනම්" සහ එකඟ වීමට හැකියාවක් නොමැතිනම්, ඔබ දෙදෙනාටම උද්යෝගිමත්ව එකඟ වීමට හැකිවනතුරු සිටින්න

කාන්තාවකගේ දෘෂ්ටීකෝණය ලබාගන්න

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන්නෙ කෙසේදැයි කාන්තාවන්ගෙන් අසන්න. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ බලපෑම් සහ එය මැඩපවත්වන්නේ කෙසේද යන්න ගැන ඔවුන්ගෙන් අසා දැනගන්න. ඔබගේ මව, සහෝදරිය හෝ දියණිය වැනි ඔබට සමීප කාන්තාවක් ගැන සිතා ඔවුන්ව එම අනතුරට අවස්ථාවට පත්වූ තැනැත්තාගේ ස්ථානයේ තබන්න.

පුරුෂයන්ගෙන් අසන්න

 

තමන් කාන්තාවන්ට ගරු නොකරන පුද්ගලයකු ලෙස අන් අය විසින් දැකීම සහ තම ජීවිතයට සමීප කාන්තාවක හෝ ගැහැණු ළමයකු ස්ත්‍රී පුරුපුරුෂ සමජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ලක්වීම පිළිබඳව ඔවුන්ට දැනෙන්නේ කවර ආකරයකටදැයි පුරුෂයන්ගෙන් අසන්න. ලිංගික ප්‍රචණ්ඩත්වය පුරුෂයන්ගේ ජීවිතවලට බලපාන්නෙ කෙසේදැයි දැනගන්න.

ලිංගික ප්‍රචණ්ඩත්වය 'විලාසිතාවක්' නොවේ


පුරුෂභාවය සහ සම්බන්ධතා පිළිබඳ විවිධ පණිවුඩ සංනිවේදනය කරන රූපවාහිනි වැඩසටහන්, සංගීතය, සඟරා, වීඩියෝ ක්‍රිඩා, සහ චිත්‍රපට දිනපතා අප වටා පවතී. මෙම ප්‍රචලිත සංස්කෘතිය තුළ ඇති ප්‍රතිරූපයන්ට ඔබගේ හැසිරීම් පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

ප්‍රවේශමෙන් වචන තෝරාගන්න


ඔබ කාන්තාවන් පහත් තත්ත්වයට පත්කිරීමට වචන භාවිත කරනවිට, ඔවුන් සම්පූර්ණ මනුෂ්‍යයන් නොවේය යන මතය ඔබ තවදුරටත් තහවුරු කරයි. ඔවුන් පහත් ලෙස දකින විට කාන්තාවන්ගේ සුභසිද්ධිය නොසලකා හැරීම වඩාත් පහසු වේ.

කථා කරන්න


කාන්තාවන්ට වෙනස්කම් දක්වන සහ ප්‍රචණ්ඩකාරී සංස්කෘතියකට අනුබල දෙන ආකල්ප සහ හැසිරීම් ඔබට අසන්නට දකින්නට ලැබේ. ඔබගේ මිතුරකු කාන්තාවක භාණ්ඩයක් ලෙස හුවා දක්වන ආකාරයේ විහිළුවක් කරන විට ඔබ එය විහිළුවක් ලෙස නොදකින බව පවසන්න. ඔබගේ හඬ අවදි කරන්න.

සම්බන්ධ වන්න


කාන්තාවන්ට වෙනස්කම් දක්වන සහ ප්‍රචණ්ඩකාරී සංස්කෘතියකට අනුබල දෙන ආකල්ප සහ හැසිරීම් ඔබට අසන්නට දකින්නට ලැබේ. ඔබගේ මිතුරකු කාන්තාවක භාණ්ඩයක් ලෙස හුවා දක්වන ආකාරයේ විහිළුවක් කරන විට ඔබ එය විහිළුවක් ලෙස නොදකින බව පවසන්න. ඔබගේ හඬ අවදි කරන්න.

ඔබේ ශක්තිය පෙන්වන්න


ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව කිසිවකු සමඟ ලිංගිකව එක්නොවන්න. තමන්ගේ ශක්තිය ගෞරවය පිණිස මිස පීඩා කිරීමට භාවිත නොකරන පුරුෂයකු වීමට ප්‍රතිඥා දෙන්න. මුලාශ්‍රය: http://web.wm.edu/sexualassault/geteducated_community_intervention.php