ජාත්ත්‍යාන්තර නීතිය යටතේ මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය යනු බලහත්කාර කමින්, බලකිරීමෙන්, වංචාවෙන්, රැවටීමෙන් හෝ වෙනත් අයථා මාර්ග වලින් පුද්ගලයින්ගෙන් අයුතු ඵල ප්‍රයෝජන ලබාගැනීම උදෙසා පුද්ගලයින් බඳවාගැනීම, ප්‍රවාහනය කිරීම, ප්‍රවාහනය කිරීම, සඟවා තබා ගැනීමයි. UNODC සංවිධානය මගින් නිකුත් කර ඇති වාර්ථාවකට අනූව ප්‍රධාන වශයෙන් ශ්‍රමිකයන් ලෙසද, රට තුළ ළමා ලිංගික සංචාරක සේවා ඇතුළුව වාණිජමය ලිංගික අපයෝජනය සඳහාද ගැහැණු, පිරිමි හා ළමුන් ජාවාරම කරනු ලැබේ. තවද මැදපෙරදිග, සිංගප්පූරුව හා වෙනත් රටවල ගෘහ සේවය, ඉදිකිරීම් කටයුතු හා කම්හල්වල රැකියා සඳහා පුද්ගලයින් ජාවාරම කරනු ලැබේ. 3D රැකියා ලෙස හැඳින්වෙන අප්‍රසන්න, අනතුරුදායක හා පහත් (Dirty, Dangerous and Demeaning) රැකියා සඳහා ලාබ ශ්‍රමිකයන් ලබා ගැනීමට පුද්ගල ජාවාරම බෙහෙවින් සිදුකෙරේ.

මුලාශ්‍රය: http://www.unodc.org/unodc/en/human-trafficking/2011/legal-and-policy-review---responses-to-human-trafficking-in-bangladesh-india-nepal-and-sri-lanka.html




එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුපූරකව, පුද්ගලයින් විශේෂයෙන් කාන්තාවන් හා ළමුන් ජාවාරම් කිරීම වලකාලීම, මැඩළීම හා වරදකරන්නාවුන්ට දඬුවම් කිරීම පිළිබඳව එහි අංක 3(a) වගන්තිය මෙසේ අර්ථකථනය දක්වයි:


"සූරාකෑමේ අරමුණ සඳහා වෙනත් පුද්ගලයකු පිළිබඳ පාලන බලය හිමි පුද්ගලයකුගේ අනුමැතිය ලබාගැනීම පිණිස තර්ජනය හෝ බලය යෙදීමෙන් හෝ වෙනත් බලහත්කාර ලෙසකින් පැහැර ගැනීමෙන් හෝ ප්‍රයෝගයෙන් වංචාවෙන් හෝ අයතාලෙස බලය යොදාගැනීමෙන් හෝ පීඩාවට පත් විය හැකි තත්වයක් ප්‍රයෝජනයට ගැනීමෙන් හෝ ගෙවීම හෝ ප්‍රතිලාභ දීමෙන් හෝ ලබාගැනීමෙන් සිදුකරනු ලබන පුද්ගලයන් බඳවා ගැනීම, ප්‍රවාහනය, හුවමාරුව, සඟවා තබාගැනීම හෝ භාර ගැනීමයි. ගණිකා වෘතියෙහි යොදවා සූරාකෑම හෝ වෙනත් ආකාරයන්හී ලිංගික සූරාකෑම, බලහත්කාර ශ්‍රම හෝ සේවාවන් වහල්භාවය හෝ වහල්භාවයට සමාන පිරිවැයන්, දාසභාවය හෝ අවයව ඉවත්කිරීම "සූරාකෑම" යන්නට අවම වශයෙන් ඇතුළත් වන්නේය."

 

පුද්ගල වෙළඳාම හා ගණිකා වෘත්තිය යනු එකමද?

බලෙන් ගණිකා වෘත්තියෙහි යමෙකු යෙදවීම පුද්ගල වෙළඳාම/ජාවාරම් හෙවත් කුට්ටනයට සමාන වේ. එහෙත් මෙම කාර්යයන් අවශ්‍යයෙන්ම එකම අපරාධී ක්‍රියාව නොවේ.
පුද්ගල ජාවාරමට හසුවූ හෙවත් කුට්ටනය කරනු ලැබූ බොහෝ විට බලෙන්, බලකිරීමෙන්, හෝ වංචනිකව වාණිජමය ලිංගික සේවාවන්ට අන්තර්ගත වේ.
බලෙන් ගණිකා වෘත්තියට පෙලඹවීම කාන්තාවන් හා ළමුන්ගෙන් අයුතු සේවාවන් ලබාගන්නා විවිධාකාර පැතිකඩ වලින් එකකි. ලිංගික සේවා සඳහා කාන්තාවන් කුට්ටනය කිරීම හා කාන්තාවන් වහල් සේවයට යොදා ගැනීම සඳහන් කරන විට "ශ්‍රමය හෝ සේවා" ලබා ගැනීම උදෙසා පුද්ගලයින් බලෙන්, බල කිරීමෙන් හෝ වංචනිකව ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ණය ගැති දාස හෝ වහල් බවෙන් බැඳි දීන ස්වභාවයක් ඊට ඇදේ..

පුද්ගල වෙළඳාම යනු නීති විරෝධී සංක්‍රමණය හෝ වංචනිකව හොරෙන් ගෙන යාම/ගෙන ඒම ද?

පුද්ගල වෙළඳාම යනු යමෙකු වංචනිකව ඇතුළ්කිරීම/පිට කිරීම හෝ නීති විරෝධී සංක්‍රමණය හෝ නොවේ. යමෙකු වංචනිකව ඇතුළ් කිරීමට හෝ පිට කිරීමට එසේ ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයා හා එම කර්තවය ක්‍රියාත්මක කරනු ලබන්නා හා වෙනත් සහකරුවන් හා ඒජන්තයන් අතර, විශේෂයෙන් ජාත්‍යන්තර දේශ සීමාවන් පැනයාම සඳහා ගිවිසුමක් ආකාර සම්බන්ධකමක් තිබීම අවශ්‍ය යුතුවේ. නියමිත කරගත් රටට සේන්දුවූවායින් පසුව ඔවුනොවුන් අතර සම්බන්ධය අවසන් වන්නේ මෙම ක්‍රියාවලිය සඳහා හුවමාරු වෙන ගණුදෙණු කලින් ගෙවා නිමකර ඇති බැවිනි.
මානව ජාවාරම හෙවත් කුට්ටනය මීට වෙනස්ය. එය පුද්ගලයකුට කෙරෙන සාපරාදී ක්‍රියාවකි. එය බලෙන් බලකර පොළඹවා ගැනීමෙන් හෝ වංචනිකව කිසියම් අයෙකු වහල් කමට, දාසභාවයට බැලමෙහෙවර කිරීම පිනිස හෝ යොදාගැනීමට විකිණීම හෝ ප්‍රවාහනය කිරීමයි.

මානව ජාවාරමට හෝ කුට්ටනයට සම්බන්ධ අයවළුන්

පුද්ගලික ක්‍රියාකාරී ජාල (කල්ලි ) විසින් මානව ජාවාරම හෙවත් කුට්ටනය සංවිධානය කර මෙහෙය විය හැකිය. එවැනි ජාලවලට ප්‍රවාහනය, සංචාරක සේවා, මාධ්‍ය / සංනිවේදන හා විනෝද සේවා ආදී සංවිධාන හා විවිධ පුද්ගලයින් ජාලමය වශයෙන් ක්‍රියා කරනු ඇත. උදාහරණ ලෙසින්:
පුද්ගලයින් එක්තැනක සිට තවත්තැනකට ප්‍රවාහනය කරන කුලී රථ රියදුරන්, ත්‍රීරෝද රියදුරන්, ලොරි හා බරවාහන රියදුරන්.
පුවත්පත්, ගුවන්විදුලිය හා අන්තර්ජාලය උපයෝගී කරගනිමින් යම් යම් කාර්යන් සඳහා පුද්ගලයින් බඳවා ගන්නා විශේෂ ප්‍රචාරන කටයුතු මෙහෙයවන මාධ්‍ය සේවා.
ආරක්ශිත නාවාතැන් පහසුව සපයන හෝටල් සහ නාවාතැන් සපයන ස්ථාන.
ව්‍යාජ උපලේඛන සකස්කර සපයා දෙන ව්‍යාජ කූට ප්‍රයෝගකරුවන්.

පොදු ජාල

දූශ්‍ය අල්ලසට නැමෙන වංචනික සංක්‍රමණ, පොලිස් හා වෙනත් පොදු සේවා නිළධාරින්ට කුට්ටනයෙහි හෙවත් මානව ජාවාරමෙහි යෙදෙන කල්ලිවලට උදව් උපකාර කිරීමට හැකියාව ඇත. ව්‍යාජ ලියකියවිලි සකසා දීම, නීති විරෝදී ලෙස ආගමන / විගමන නීති උල්ලංගනය කර. යම් යම් රටවලින් පිටවීම හා / හෝ යම් යම් රටවලට ඇතුල්වීම, මත්පැන් ශාලා හා ගණිකා නිවාස නිත්‍යානුකූල පරික්ෂාවන්ට යොමු නොකර ආරක්ෂ කිරීම ආදිය මෙම උපක්‍රමවලින් සමහරකි.

 

 

ශ්‍රී ලංකාවේ පුද්ගල ජාවාරම (කුට්ටනය) පිළිබඳ පොදු උදාහරණ කීපයක් :

පුද්ගලයින් හඳුනාගැනීම වැලැක්වීම සඳහා නම් වෙනස් කර ඇත.

සමන්මලීට රැකියාවක් පොරොන්දු වී ගණිකා නිවසකට ගෙන යයි

ගලේවෙල පදිංචි සමන්මලී ළාබාල තර්ණියකි. කොළඹ රැකියාවක් සොයාදෙන බව පවසා දෙමාපියන්ගේ ද අවසර ඇතිව ඇගේ මාමා වන රූපරත්න ඇය ගෙන ගියේ ය. කොළඹ දී ඇය සේනසිංහ නමැති කෙනෙකුගේ ගෙදර නැවැත්වීය. සේනසිංහගේ මිතුරන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට බල කෙරුණි. පසුව සමන්මලීට දැනගැනීමට ලැබුණේ ඇය රැගෙන ආවේ ගණිකා නිවසකට බවත් ඇගේ මාමා ඇය රුපියල් 25,000 කට සේනසිංහට විකුණා ඇති බවත් ය.


ලිංගික අපයෝජනය මුල්කරගෙන දරුවන් හදා ගැනීම

දෙමව්පියන් අහිමි සුමුදු ජීවත්වූයේ ඇගේ නැන්දා සමඟ ය. නැන්දා හඳුනන පුරුෂයෙක් ඇය හදා ගැනීම සඳහා විදේශිකයකුට දීමට රැගෙන ගියේ ය. එහිදී නිවසක සිර වූ සුමුදුට එහි පැමිණෙන පිරිමින් සමඟ අකමැත්තෙන් වුවද ලිංගික සබඳතා පැවැත්වීමට සිදුවිය.


හොඳ කරන්නා

රූපාට වයස 11 වන විට ඇගේ මව රුපාව ඇගේ සොහොයුරාට භාරදී නිවසින් පිටවී ගියා ය. ඇයට සොහොයුරාගේ සහ නෑනාගේ කරදර විඳීමට සිදුවිය. "මට ඉවසා ගත නොහැකි තැන මම මගේ මව සොයා ගියා. බස් නැවතුම් පොළෙහි සිටිද්දී කරුණාවන්ත නෝනා කෙනෙක් මා සමග කතා කරන්න පටන් ගත්තා. මම එතැන සිටින්නේ මන්දැයි ඇයට කීවා. මට උදව් කළ හැකි බව කී නිසා මා ඇය සමග ගියා. ඇය මා රැගෙන ගියේ මිනිසුන්ට ලිංගික සබඳතා ලබාදෙන ස්ථානයකට." යි.


වහල් සේවයට සොහොයුරියන් ගෙන යයි

ක්‍රිෂානි සහ ශානික පාසල් දැරියෝ ය. දෙමව්පියන්ට මුහුණ පාන්නට තිබු ආර්ථික ගැටළු හේතුවෙන් රැකියාවක් කිරීමට ඔවුහු උනන්දු වූහ. දෙමව්පියන් හඳුනන අසල් වැසියෙක් ඔවුන්ට ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියා ලබා දිය හැකි බව පැවසුවේ ය. කොළඹට ගිය ඔවුන්ට ඔහුගේ ඥාතීන් හොඳින් සැලකූහ. ඊළඟ දින කටුනායකට යන බව පවසා බස් රියකින් වෙනත් නිවසකට රැගෙන ගියේ ය. එහිදී ඔවුන්ට සිදුවූයේ එම නිවසෙහි මෙහෙකාරකම් කිරීමටයි. නිවසේ සිරකර ගෙන සිටි ඔවුන්ට කිසිදිනක පිටතට යෑමට ඉඩ ලබුණේ නැත.


රැවැට්ටවූ සංක්‍රමිකයා

වසර තුනක් මුළුල්ලේ පෞද්ගලික ආයතනයක පවිත්‍ර කිරීමේ සේවිකාවක් ලෙස කටයුතු කළ කවිතාට මයිකල් හමුවූයේ ඇය අවුරුදු 29 දී ය. සිංගප්පූරුවේ පදිංචි ඔහු ඩොලර් 200 වැටුපකට ඔහුගේ නිවසෙහි සේවයට එන්නැයි ඉල්ලා සිටියේ ය. සතියකට එක් දිනක නිවාඩුවක් ද යහළුවන් හමුවීමට පහසුකම් ද ලබාදෙන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ සංචාරය කිරීමට ද හැකි බවට පොරොන්දු විය. කවිතාගේ ගුවන් ගමන් ගෙවා වීසාව ද ලබා දුන්නේ ය. මයිකල් ඇයට බොරු කී බව දැනගත්තේ පසුව ය. දිනකට පැය 12 බැගින් දින හතක් ම වැඩකිරීමට සිදුවිය. පැය 16 ක් වැඩ කළ දිනයන් ද තිබිණි. එහෙත් ඇයට ගෙවුවේ ඩොලර් 100 ක් පමණි. නිවාඩු ලැබුණේ ද නැත. අසනීප වූ විට ද වැඩ කිරීමට සිදුවිය. කවිතාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මයිකල් ළඟ ය.

 

පැමිණිලි කිරීම

යම් පුද්ගලයකු කූට්ටනයට හසුවී ඇතයි ඥාතීන් සහ හිත මිතුරන් සැක කරන්නේ නම්, ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ඇයට රැකියාව ලබා දුන් ඒජන්සියට සහ ඇය ගොස් සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාංශයට ඒ පිළිබඳව පැමිණිළි කළ යුතුය.
හැකි ඉක්මණින් බලයලත් වෛද්‍යවරයකු වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගන්න. සාක්ෂි ලෙස හිසකෙස්, ශ්‍රාව, කෙඳි හා වෙනත් යමක් ඇත්නම් ඒවා එකතුකර සුරැකිව තබා ගැනීම වෛද්‍යවරයා සතු යුතුකමකි. එසේම බරපතල ලිංගික අපහරණයක් සිදුවී ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයා විසින් මේ බව අධිකරණ වෛද්‍යනිලධාරී හා පොලීසිය වෙත වාර්තා කළ යුතුවේ.
කූට්ටනයට ලක්වූ තැනැත්තා අවුරුදු 18ට අඩු දරුවකු නම් සිද්ධිය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරන්න.
පොලීස් ස්ථානයෙහි කාන්තා හා ළමා ඒකකයක් ඇත්දැයි අසා බලන්න. ඔබේ කාරණාව ගැන ගැහැණු පොලිස් නිලධාරිනියක් සමඟ කථාකිරීමට ඔබ වඩා කැමතිනම් කාන්තා පොලීස් නිලධාරිනියක් මුණගැසීමට ඉල්ලන්න. ඔබ පැමිණිලි කරන සිද්ධිය සම්බන්ධ සියළු විස්තර සියල්ල වාර්තාගත වූවාදැයි විමසිලිමත්වන්න.
ඔබේ පැමිණිල්ලේ ලේඛණ සටහන අත්සම් කිරීමට පෙර ප්‍රවේශමෙන් කියවා බලන්න.
ඔබේ පැමිණිල්ල ලබාගැනීමෙන් අනතුරුව වෙනත් ශාරීරික සාක්ෂි තිබේදැයි පොලීසිය සොයා බලා ඒවා සටහන් කර ගනු ඇත. ඊටත් අමතරව සාක්ෂි කරුවන් සිටීනම් ඒ අයගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කරගනු ඇත.
සමහර විට ඔබේ පැමිණිල්ලේ ස්වභාවය අනූව පොලීසියේද මෙම කටයුතු සම්පූර්ණ කර ගැනීමට පැය කිහිපයක් ගත විය හැකිය. සමහර විට පොලීසිය ඔබෙන් අසන ප්‍රශ්න සීමාව ඉක්මවා හාරා අවුස්සන ස්වභාවයක් ගන්න පුළුවන පොලිස් නිලධාරියා/නිලධාරිනිය එකම විස්තර කීප වාරයක් නැවත නැවත අසන්න පුළුවන සියළු විස්තර පැහැදිලිව නිවැරදිව සටහන් කරගත යුතු නිසා මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සාධාරණය. එසේම වගඋත්තරකරුට විරුද්ධව හැකිපමණ ප්‍රබල චෝදනාවක් කිරීම සඳහා මෙම විස්තර අත්‍යවශ්‍යය.
මෙවැනි සිද්ධියකට මුහුණ පෑ විගසම හැකි පමණ විස්තර ලියා සටහන් කර ගැනීමට පුළුවන් නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එවිට ඔබට පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කරණවිට සිද්ධිය පිළිබඳ විස්තර මතක්කර ගැනීම පහසු වනු ඇත.
මෙවැනි අවස්ථාවන්හීදී පැමිණිලි ඉදිරිපත් කිරීමට උදව් උපකාර කරන සංවිධාන ඇත. ඔබේ සැක සාංකා පැහැදිලි කර දීමට ඔවුන්ට පුළුවන.
අදාළ නීති කියවන්න. ආරක්ෂක සැළැස්ම සදහා පැමිණිළි කිරීමේ ක්‍රියාවලියට සහාය දක්වන ආයතන ඇත. ඔබගේ අනුමාන සහ ගැටළුවලට පිළිතුරු සැපයීමට එම ආයතනවලට හැකියාව ඇත. සේවා සපයන්නන් වෙත යන්න. අදාළ නීති කියවන්න.


මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය පිළිබඳ නීතිය.

මානව කුට්ටනය පිළිබඳ ප්‍රධාන නීති සඳහන්ව ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 16 දරණ පනතෙහිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 c වගන්තියට අනුව:

 

මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් සඳහා යම් තැනැත්තෙකු මිලදී ගන්නා, විකුණන හෝ හුවමරු කරන තැනැත්තකු විසින් මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය පිළිබඳ සාපරාධී ක්‍රියවට වරද කරුවන්නේය.
පුද්ගලයකු මිලදී ගැනීමට, විකිණීමට හෝ හුවමරු කිරීමට යම් කෙනෙක් පොළඹවන හෝ උදව්කරන්නෙක් වේද හෙතමේද සාපරාධී ක්‍රියවකට වරද කරුවේ.
පුද්ගලයකු මිලදී ගැනීමට, විකිණීමට හෝ හුවමාරු කිරීමට අනුබලදීමෙන්, උදව්කිරීමෙන් හෝ පෙළඹවීමද සාපරාධී වරදකි.
පුද්ගලයන්ගෙන් බලෙන් වැඩගැනීම, වහලුන් සේ යෙදවීම, ඔවුන්ගේ අවයව ලබාගැනීම, ගණිකා වෘත්තිය, හෝ වෙනත් ලිංගික සූරාකෑම් උදෙසා පුද්ගලයින් බඳවා ගැනීම, ප්‍රවාහනය, එහාමෙහා කිරීම, රඳවා ගැනිම හෝ බාරගැනිමද සාපරාධී වරදකි.
තර්ජනය කිරීමෙන්, බලකිරීමෙන්, නොමගයැවීමෙන් හෝ යමෙකුගේ පීඩාකරී තත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් කිසියම් කෙනෙකුගෙන් බලෙන් වැඩගැනීම උදෙසා හෝ වහල්භාවය, ගණිකා වෘතිය, හෝ අවයව විකිණීමට සාපරාධි වරදකි.
ළමයි සම්බන්ධයෙන් ළමුන්ගේ කැමැත්ත ඇතුව හා නැතුව යන්න වැදගත් නොවේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 2006 සංශෝධනය Palermo Protocol අනුව සැකසී ඇත. එසේවුවද පැලමෝ කෙටුම්පතෙහි නිර්වචනයෙන් වඩාත් පුළුල්ය. වැඩිහිටියන් සම්බන්ධයෙන් ඔහුගේ/ඇයගේ එකඟතාවය හෝ කැමැත්ත ඇත්ද, නැද්ද යන්නද අදාළ නැත.




ගණිකා වෘතිය සඳහන් ස්ත්‍රීන් හා ළමුන් වෙළදාම් කිරීමෙන් හෙවත් කුට්ටනයෙන් වැළැක්වීම හා මැඩළීම පිළිබඳ ප්‍රඥප්තිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2005 අංක 30 දරණ පනතින් අනුමත කරනු ලැබිය. මෙම පනත තවම ක්‍රියාත්මක වී නැත. එය ක්‍රියාත්මක වූ විට මේ පිළිබඳ සාක් සම්මුතිය ශ්‍රී ලංකාවේ වලංගු සම්මුතියක් වනු ඇත. මානව ජාවාරම හෙවත් කුට්ටනය පිළිබඳව ජාතික බලකායක් (International Organisation for Migration) "සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය " සමඟ ඒකාබද්ධව පිහිටුව ඇත.

 

පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය තහනම් කෙරෙන ජාත්‍යන්තර නීති

 

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජගත් සම්මුතිය වහල් මෙහෙය, පර්වශතාව හා වහල් වෙළදාමද මෙන්ම වද හින්සාකිරීම හෝ අමානුෂික හෝ ආත්ම ගරුත්වය කෙලෙසන දඩුවම් දීමද තහනම් කෙරේ.
http://www.un.org/en/documents/udhr/index.shtml
විවිධාකර ලෙස කාන්තාවන් විකිණීම, ගණීකා වෘත්තිය මගින් සූරාකෑම හෙවත් අසීමිත ප්‍රයෝජන ගැනීම යනාදි යට එරෙහිව ගතහැකි ක්‍රියා මාර්ගයන් රැසක් සලසා ඇත.
http://www.unhcr.org/refworld/docid/3ae6b38e23.html
ස්ත්‍රියට එරෙහි සියළු ආකාර වෙනස්කිරීම පිටුදැකීමේ සම්මුතිය (1979) CEDAW 6 වැනි වගන්තියෙහි විශේෂයෙන්ම කාන්තාවන් වෙළදාම හෙවත් කුට්ටන හා ස්ත්‍රීන් ගණිකා වෘතියෙහි යෙදවීම මර්දනය කිරීම උදෙසා නීති සම්පාදනය ඇතුළු සොයා සෑම පියවරක්ම ගතයුතු බව සඳහන්ව ඇත. ශ්‍රී ලංකාව විසින් මෙම ප්‍රඥප්තිය 1981 දී සපථ කරනු ලැබීය.
http://www.un.org/womenwatch/daw/cedaw/text/econvention.htm
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුව සම්මුතිය සපථ කරන සියළුම රටවල් ළමයින් සියළු ආකාර ලිංගික උපයෝජනයෙන් සහ ලිංගික අපයෝජනයන්ගෙන් ආරක්ෂා කළ යුතුවේ. කවර කරුණක් උදෙසා හෝ කවර ලෙසකින් ළමයින් පැහැර ගැනීම, ළමයින් වෙළෙදාම හෝ ජාවාරම් වැළැක්විය යුතු කිසියම් හෝ ආඥාවකට ලක්වූ ළමයි නැවත ලබාගෙන පුනුරුත්ථාපනය කිරීම හා ප්‍රත්‍යානුකලනය කළ යුතුවේ. ශ්‍රී ලංකාව විසින් මෙම ප්‍රඥප්තිය 1991 ජූලී 12 දින සපථ කරන ලදී.
http://www.unhcr.org/cgi-bin/texis/vtx/refworld/rwmain?docid=3ae6b38f0&page=search

අන්තර්ජාතික සංවිධාත්මක අපරාධයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (2000) හා බැඳුන පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් හා ළමුන් කුට්ටනය කිරීමේ වැළැක්වීමට, මර්ධනය හා දඩුවම් පැමිණවීම පිළිබඳ නියාමාවලිය 2010 දෙසැම්බර් 13 දින ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තියට අත්සන් තබා ඇත.
http://www.unodc.org/documents/treaties/UNTOC/Publications/TOC%20Convention/TOCebook-e.pdf

ලිංගිකත්වය සඳහා කාන්තාවන් හා ළමුන් කුට්ටනයට එරෙහිවීම හා මර්දනය කිරීම පිළිබඳ වූ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සමුළුවේ ප්‍රඥප්තිය.
http://www.humantrafficking.org/publications/424

මෙම ප්‍රඥප්තියෙහි විෂය පථය වනුයේ කාන්තාවන් හා ළමුන් ජාවාරම් කිරීම හෙවත් කුට්ටනය කිරීම පිළිබඳ වූ විවිධාකාර අංශයන් වැළැක්වීම, අත්හිටුවීම හා තුරන් කිරීම ද, පුද්ගල කුට්ටනයට භාජනය වීමෙන් පසු ඉන් මිදුණු ළමයින් හා කාන්තාවන් ආපසු යැවීම සහ පුනුරුත්ථාපනය ද, විශේෂයෙන් සාර්ක් සංවිධානය හෙවත් දකුණු ආසියාතික කලාපයේ සාමාජික රටවල ප්‍රභවයක් ඇති කාන්තාවන් හා ළමයින් ගණිකා වෘත්තිය සඳහා වූ ජාත්‍යන්තර ජාල වලින් බේරා ගැනීමට ද යන මේ ආදී අරමුණු සඳහා සාර්ක් සංවිධානයේ රටවල් අතර සහයෝගය වර්ධනය කිරීමයි.