කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යනු කුමක් ද ?

කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ පුද්ගලික හෝ පොදු ජන ජීවිතයේ දී ශාරීරික, ලිංගික හෝ මානසික හිංසා කිරීම, ප‍්‍රචණ්ඩ හිංසනය, බලහත්කාරකම් කිරීම හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීම මීට ඇතුළත් වේ.කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය එක රටකට හෝ ප‍්‍රදේශයකට සීමා වූවක් නොවේ. බොහෝ විට විවිධ සමාජ,දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝති‍්‍රක හා වාර්ගික චර්යාවන් හේතුවෙන් කාන්තාවන් හා ගැහැණු ළමුන් මෙවන් හිංසනයන්ට භාජනය වෙති.

කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිළිබද වැඩි විස්තර සඳහා

 

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය යනු කුමක් ද ?

කාන්තාවක්, පිරිමියෙක් හා ද්විලිංගික (transgender) අනන්‍යතාවකින් යුත් අයෙකුගේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය නිසාවෙන්ම ඒ මත පදනම් වූ යම් හිංසනයක් වේ ද එය ‘ස්තී‍්‍ර පුරුෂ සමාජභාවීය හිංසනයක්’ ලෙස හැඳීන්විය හැකිය. එහෙයින් ම මෙවන් හිංසන ගැන පූර්ණ අවබෝධයක් සඳහා පළමුවෙන්ම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය යනු කවරක් දැයි වටහා ගත යුතු වේ.

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිළිබද වැඩි විස්තර සඳහා

 

 



ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු නිවසේදී ඇතිවන ප්‍රචණ්ඩත්වය යි. එය ඇතිවන්නේ කාන්තාවන්ට නිවස තුල හිමි කාර්ය භාරය නිසා ය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ට ඍජුවම සහ දරුණු ලෙස බලපා යි.

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබද වැඩි විස්තර සඳහා


ලිංගික හිංසනය

ලිංගික හිංසනය යනු සාපරාධිත වෙර, තර්ජන, හෝ චර්යාවන් සමඟ පීඩාවට පත්වන තැනැත්තා ගේ සිතට හා කයට වද දෙමින් යමෙකුවෙත එල්ලකරන ඉතාම අප්‍රිය අප්‍රසන්න ලිංගික ස්වභාවයක් ඇති හැසිරීමකි. හිංසනයට එල්ලවී සිටින තැනැත්තාට එම අත්දැකීම අප්‍රිය, නින්දා සහගත, පිළිකුල්, අශික්ෂිත, ජුගුප්සාගත ක්‍රියාවක් වුවද, හිංසකයා සිය ක්‍රියා කලාපය, ප්‍රශංසාත්මක, අහිංසක, හා හාස්‍යජනක, සිනා උපදවන, සාමාන්‍ය, සිත් සතුටුකරවන, විහිළුවක් යැයි සිතිය හැකිය. හිංසකයා කෙසේ සිතුවත් මෙවැනි අප්‍රියජනක බලපෑම් ලිංගික හිංසනයම වේ. ලිංගික හිංසනය පුද්ගලික හෝ පොදු ජීවිතයේදි සිදුවිය හැකිය. එසේම පවුල තුළ, මිතුරු, මිතුරියන් අතර, නැත්නම් වැඩපලේදී, ප්‍රසිද්ධ ස්ථනයන්හීදී හෝ මහමඟ හෝ රථවාහනවලදීද මෙවැනි ක්‍රියා සිදුවිය හැකිය. එසේම පිරිමි සහ ගැහණු දෙපක්ෂයේම හිංසකයන් විය හැකිය. එසේම හිංසා කරන අය අතර පිරිමි හා ගැහැණු දෙපක්ෂයේම අයත් වේ.

ලිංගික හිංසනය පිළිබඳ වැඩි විස්තර සඳහා


 

ස්තී‍්‍ර දූෂණය

ස්ත්‍රී දූෂණය යනු බලෙන් සිදුකෙරෙන, සතුටින් නොපිළිගැනෙන ලිංගික සංසර්ගයයි. මේ කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙත එල්ලවන බරපතල අමනුෂ්‍ය ක්‍රියාවක්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ශාරීරික, මානසික, චිත්තවේගී සහ ආර්ථික ආපදාවන් පවා සිදුවෙන්න පුළුවන්. මේ හේතුවෙන් සිදුවෙන ශාරීරික හිංසනය තර්ජනයට ලක්වන අවංකකම, පුද්ගලික ආරක්ෂාව හා ආත්ම ගෞරවය පමණක් නොව සිද්ධිය සමග ඈඳෙන සමාජ අපකීර්තිය හා කැලලද ඔවුනට ජීවිත කාලය පුරාම විඳ දරා සිටීමට සිදුවේ.

ස්තී‍්‍ර දූෂණය පිළිබඳ වැඩි විස්තර සඳහා


ව්‍යාභිචාරය

නීතිමය හෝ සමාජමය පිළිගැනීම අනූව ව්‍යාභිචාරය යනු ලේ නෑකමකින් හෝ විවාහයකින් ඉතා කිට්ටු නෑකමක් ඇති පුද්ගලයින් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවයි. නිත්‍යාකූලව හදාවඩා ගැනීම යටතේද ව්‍යාභිචාරය පිළිබඳ නීති බලපායි. පවුල තුල නෑකම මෙහිදී වැදගත්ය.

ව්‍යාභිචාරය පිළිබඳ වැඩි විස්තර සඳහා



බරපතල ලිංගික අපහරණය

ස්තී‍්‍ර දුෂණය යටතේ අපරාධ ගණයට හසුනොවන අනෙක් සියළු ආකාර බරපතල ලිංගික අපහරණ මීට අදාළ වේ. එමෙන්ම බරපතල ලිංගික අපහරණ යනු ලිංගික ආස්වාදය සඳහා හුදෙක් ප්‍රජනන අවයවයන් හා වෙනත් ශාරීරික අඟපසඟ පමණක් නොව උපකරණ ආදිය හෝ තවත් අයෙකුගේ සිරුරේ විවරයන් හා අඟපසඟ උපයෝගී කරගැනීමට යෙදුනාවූ අපහරණ යන් විය හැකිය.

බරපතල ලිංගික අපහරණය පිළිබඳ වැඩි විස්තර සඳහා

 

මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය

මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය යනු බලහත් කාර කමින්, බල කිරීමෙන්, වංචාවෙන්, රැවටීමෙන් හෝ වෙනත් අයථා මාර්ග වලින් පුද්ගලයින්ගෙන් අයුතු පල ප්‍රයෝජන ලබාගැනීම උදෙසා පුද්ගලයින් බඳවාගැනීම, ප්‍රවාහනය කිරීම, සඟවා තබා ගැනීමයි.

මානව පුද්ගල ජාවාරම හෙවත් කුට්ටනය පිළිබඳ වැඩි විස්තර සඳහා


අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන හිංසනය

කාන්තාවන්ට හා ගැහැණූ ළමයින්ට හිංසා පැමිණ්වීමේ අරමුණ ඇතිව ඔවුන්ගේ තොරතුරු හා චායාරූප ආදිය සන්නිවේදන තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ ලබාගැනීම මෙන්ම බෙදාහැරීමද අපරාධකරුවන්ට වඩාත් පහසු වී ඇත. මේ නිසා විශේෂයෙන් කාන්තාවන් හා ගැහැණු ළමෝ තව තවත් ලිංගික හිංසනයන්ට හා අපරාධයන්ට ලක්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන හිංසනය පිළිබඳ වැඩි විස්තර සඳහා