නීතියෙන් අර්ථ දක්වා ඇති ආකාරයට ලේ නෑකමක් හෝ විවාහයෙන් ඥාති සම්බන්ධතාවක් ඇති අය අතර ලිංගික සංසර්ගය ව්‍යාභිචාරයයි. කුළවද්දා ගැනීම (දරුකමට හදා ගනීම) තුළදීද ව්‍යාභිචාරය දක්නට ලැබේ. මෙහිදී වැදගත් වන්නේ 'පවුල්' සම්බන්ධතාව.

 


ව්‍යාභිචාරය තුළ අඩංගු වන්නේ මොනවාද?

පහත දැක්වෙන කිසියම් අයුරකින් ඔවුනොවුන් හා නෑදෑකම් ඇති පුද්ගලයින් අතර ලිංගික සංසර්ගය ව්‍යාභිචාරයයි:

 

වරදකරු හා හිංසනයට පත්වූ අය යන දෙදෙනාගෙන් කවරෙකු හෝ අනෙකාගෙන් කෙලින්ම පැවත එන්නෙකු වීම. (පියා/දුව)
අපරාධකරු හිංසනයට පත්වූ අයව හදාවඩාගන්නා දෙමව්පියෙකු, හදාවඩාගන්නා සීයා වැනි නෑකම ඇත්තෙකු හා හිංසනයට පත්වූ අය හදාවඩාගන්නා දරුවා මුණුබුරා/මිණිබිරිය හෝ වීම.
හිංසනයට පත්වන තැනැත්තිය පිරිමි පාර්ශ්වයේ, සහෝදරිය, අඩ සොහොයුරිය හෝ හදාවඩාගත් සොහොයුරියක් වීම.
ස්තී‍්‍ර පාර්ශ්වය දෙපාර්ශ්වයේ එක් පාර්ශ්වයකින් පැවත එන්නෙකු වීම.
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පක්ෂයේ සොහොයුරෙකු, අඩ සොහොයුරෙකු හෝ හදාවඩාගත් සොහොයුරෙකු වීම.
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ සොහොයුරෙකු/සොහොයුරියකගේ පුතෙකු (ඇගේ බෑණා කෙනෙකු) හෝ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන්ගෙන් හෝ පැවත එන්නෙකු වීම.
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ ස්වාමි පුරුෂයාගේ වෙනත් විවාහයක පුතෙකු (සුළු පුතා) වීම.
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ මියගොස් ඇති දුවකගේ, මිණිබිරියකගේ හෝ මවගේ හෝ මිත්තණියගේ ස්වාමි පුරුෂයා වීම.

 

උදාහරන

පුද්ගලයින් හඳුනාගැනීම වැලැක්වීම සඳහා නම් වෙනස් කර ඇත.

දූවරුන් තිදෙනා පියාගේ භාරයේ තබා මව පිට රට ගොස් ඇත. වැඩිමල් දියණිය නිවසේ සියළු වගකීම් භාරගෙන වැඩ කටයුතු කරමින් පියා සහ සොහොයුරියන් බලා ගත්තාය. මෙයට අමතරව පියා සමඟ ලිංගික ක්‍රියාවන්හි යෙදීමට ඇයව බලහත්කාරකමෙන් පොළඹවාගෙන ඇත. ටික කලකට පසු පියා දෙවැනි දියණිය සමඟ ද ලිංගික සංසර්ගයේ යෙදුනි. බාළම නැඟනිය ආරක්ෂා කර ගැනීම පිණිස ඇය පොලීසියේ ළමා හා කාන්තා අංශයට පැමිණිළි කලාය. ඔවුන් පියාව අත් අඩංගුවට ගෙන උසාවියේ පැමිණිල්ලක් ගොනු කළහ. දැන් පියා සිර භාරයේ පසුවෙයි. දියණියන් තිදෙනා ළමා නිවාසයකට භාර දී ඇත.

 

ව්‍යාභිචාරය පිළිබඳව පැමිණිලි කිරීම

හැකි ඉක්මණින් බලයලත් වෛද්‍ය වරයකු වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගන්න. සාක්ෂි ලෙස හිසකෙස්, ශ්‍රාව, කෙඳි හා වෙනත් යමක් ඇත්නම් ඒවා එකතුකර සුරැකිව තබා ගැනීම වෛද්‍යවරයා සතු යුතුකමකි. එසේම බරපතල ලිංගික අපහරණයක් සිදුවී ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයා විසින් මේ බව අධිකරණ වෛද්‍යනිලධාරී හා පොලීසිය වෙත වාර්තා කළ යුතුවේ.
ළඟම ඇති පොලීස් ස්ථානයට ගොස් පැමිනිල්ලක් දමන්න.
පොලීස් ස්ථානයෙහි කාන්තා හා ළමා ඒකකයක් ඇත්දැයි අසා බලන්න. ඔබේ කාරණාව ගැන ගැහැණු පොලිස් නිලධාරිනියක් සමඟ කථාකිරීමට ඔබ වඩා කැමතිනම් කාන්තා පොලීස් නිලධාරිනියක් මුණගැසීමට ඉල්ලන්න. ඔබ පැමිණිලි කරන සිද්ධිය සම්බන්ධ සියළු විස්තර සියල්ල වාර්තාගත වූවාදැයි විමසිලිමත්වන්න.
ඔබේ පැමිණිල්ලේ ලේඛණ සටහන අත්සම් කිරීමට පෙර ප්‍රවේශමෙන් කියවා බලන්න.
ඔබේ පැමිණිල්ල ලබාගැනීමෙන් අනතුරුව වෙනත් ශාරීරික සාක්ෂි තිබේදැයි පොලීසිය සොයා බලා ඒවා සටහන් කර ගනු ඇත. ඊටත් අමතරව සාක්ෂි කරුවන් සිටීනම් ඒ අයගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කරගනු ඇත.
සමහර විට ඔබේ පැමිණිල්ලේ ස්වභාවය අනූව පොලීසියේද මෙම කටයුතු සම්පූර්ණ කර ගැනීමට පැය කිහිපයක් ගත විය හැකිය. සමහර විට පොලීසිය ඔබෙන් අසන ප්‍රශ්න සීමාව ඉක්මවා හාරා අවුස්සන ස්වභාවයක් ගන්න පුළුවන පොලිස් නිලධාරියා/නිලධාරිනිය එකම විස්තර කීප වාරයක් නැවත නැවත අසන්න පුළුවන සියළු විස්තර පැහැදිලිව නිවැරදිව සටහන් කරගත යුතු නිසා මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සාධාරණය. එසේම වගඋත්තරකරුට විරුද්ධව හැකිපමණ ප්‍රබල චෝදනාවක් කිරීම සඳහා මෙම විස්තර අතත්‍යාවශ්‍යය.
මෙවැනි සිද්ධියකට මුහුණ පෑ විගසම හැකි පමණ විස්තර ලියා සටහන් කර ගැනීමට පුළුවන් නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එවිට ඔබට පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කරණවිට සිද්ධිය පිළිබඳ විස්තර මතක්කර ගැනීම පහසු වනු ඇත.
මෙවැනි අවස්ථාවන්හීදී පැමිණිලි ඉදිරිපත් කිරීමට උදව් උපකාර කරන සංවිධාන ඇත. ඔබේ සැක සාංකා පැහැදිලි කර දීමට ඔවුන්ට පුළුවන.
පැමිණිළි කිරීමේ ක්‍රියාවලියට සහාය දක්වන ආයතන ඇත. ඔබගේ අනුමාන සහ ගැටළුවලට පිළිතුරු සැපයීමට එම ආයතනවලට හැකියාව ඇත. අදාළ නීති කියවන්න.

 

ව්‍යාභිචාරයට අදාළ නීති

1955 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහයේ සංශෝධනයේ 364 ඒ වගන්තියට අනුව ව්‍යාභිචාරය සාපරාධී වරදකි. පහත දැක්වෙන කිසියම් අයුරකින් ඔවුනොවුන් හා නෑදෑකම් ඇති පුද්ගලයින් අතර ලිංගික සංසර්ගය ව්‍යාභිචාරයයි.


වරදකරු හා හිංසනයට පත්වූ අය යන දෙදෙනාගෙන් කවරෙකු හෝ අනෙකාගෙන් කෙලින්ම පැවත එන්නෙකු වීම. (පියා/දුව)
අපරාධකරු හිංසනයට පත්වූ අයව හදාවඩාගන්නා දෙමව්පියෙකු, හදාවඩාගන්නා සීයා වැනි නෑකම ඇත්තෙකු හා හිංසනයට පත්වූ අය හදාවඩාගන්නා දරුවා මුණුබුරා/මිණිබිරිය හෝ වීම
හිංසනයට පත්වන තැනැත්තිය පිරිමි පාර්ශ්වයේ, සහෝදරිය, අඩ සොහොයුරිය හෝ හදාවඩාගත් සොහොයුරියක් වීම
ස්තී‍්‍ර පාර්ශ්වය දෙපාර්ශ්වයේ එක් පාර්ශ්වයකින් පැවත එන්නෙකු වීම
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පක්ෂයේ සොහොයුරෙකු, අඩ සොහොයුරෙකු හෝ හදාවඩාගත් සොහොයුරෙකු වීම
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ සොහොයුරෙකු/සොහොයුරියකගේ පුතෙකු (ඇගේ බෑණා කෙනෙකු) හෝ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන්ගෙන් හෝ පැවත එන්නෙකු වීම
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ ස්වාමි පුරුෂයාගේ වෙනත් විවාහයක පුතෙකු (සුළු පුතා) වීම
පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ මියගොස් ඇති දුවකගේ, මිණිබිරියකගේ හෝ මවගේ හෝ මිත්තණියගේ ස්වාමි පුරුෂයා වීම.


 

ව්‍යාභිචාරය සම්බන්ධ නීතියෙහි සීමා

ශී‍්‍ර ලංකාවේ නීතිය අනුව ව්‍යාභිචාරය සම්බන්ධ චෝදනාවකට අයත් වනුයේ ලිංගික සංසර්ගය පමණි. මෙම සම්බන්ධතාවන්ට අදාළව සිදුවිය හැකි වෙනත් ලිංගික අපචාරයන් මෙම නීතියට හසු නොවේ. නිදසුන් වශයෙන්:


ලිංගික ස්පර්ශය
වාචික දූෂණය හා අපහරණය
හස්තමය උත්තේජනය
නුසුදුසු සංසේචනය
ළමයෙකුගේ ජනනේන්ද්‍රීය අතගෑම හෝ කිති කැවීම
ළමයින් නාන විට හෝ ඇඳුම් මාරු කරන ස්ථානයන්හි ගැවසීම හෝ එම තැන්වලට අනපේක්ෂිතව පිවිසීම


එසේ නමුදු මෙවැනි කි‍්‍රයාවන් දරුණු ලිංගික අපහරණ හෝ ලිංගික හිංසනය යටතේ දඬුවම් පැමිණවිය හැකි අපරාධ වේ.


බරපතල ලිංගික අපහරණය පිළිබද වැඩි විස්තර සඳහා
ලිංගික හිංසනය පිළිබද වැඩි විස්තර සඳහා

ව්‍යාභිචාරය යටතේ නඩුවක් ගොනු කිරීම සඳහා නීතිපතිගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතු වේ. මෙම කි‍්‍රයාමාර්ගය හඳුන්වා දී ඇත්තේ වෙනත් විකල්ප (උදා. උපදේශනය, කිසියම් කාලසීමාවක රක්ෂිත ස්ථානයකට ගෙන යාම යනාදී) පියවර ගැනීමට ඉඩ සැලසීම සඳහාත්, නඩු පැවරීමට පෙර එම සිද්ධිය පිළිබඳව සුපරික්ෂාකාරී ඇගයීමක් තහවුරු කිරීම සඳහාත් ය.